Header Sinhala

17th April 2025 12:45:00 Hours

බළකායේ බලකාධිපති 53 පාබල සේනාංකයේ සංචාරය

1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පිඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.04.10 වන දින 53 වන පාබල සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වන ලදි, 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 1 බළකායේ බලකාධිපති, ඩබ්ලිව්එම්පිඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, එම අවස්ථාවට නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් ඇතුළු බලසේනාධිපතිවරුන්, සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් හා ඒකක අණාදෙන නිලධාරින් සහභාගී විය.

1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භාඨපිරිස් විසින් බලකාධිපති තුමන් වෙත කඳවුරු මුරයක් පිරිනැමිමෙන් පසු බලකාධිපති තුමන් 53 වන පාබල සේනාංකය යටතේ රාජකාරි නියුතු නිලධාරි/ සෙසුනිලයින් සමඟ සමුහ ඡායාරූපයකට සහභාගී විමෙන් පසු භාඨපිරිස් ඇමතිමෙන් අනතුරුව බලකාධිපති තුමන් වෙනුවෙන් සුදනම් කර තිබු සියළු නිල තේ පැන් සංග්‍රහයේදි නිලධාරි / සෙසුනිලයින් සමඟ සුහද කතා බහකද නිරත විය.