17th April 2025 10:28:02 Hours
මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පිඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1 බලකායෙහි බලකාධිපති ලෙස වැඩ භාර ගැනිමෙන් අනතුරුව උපක්‍රමික මුලය 582 පාබල බලසේනාවේ සහ යටතේ පාලනය වන 5 ගැමුණු හේවා බලඇණිය වෙත 2025 අප්‍රේල් මස 08 වන දින නිළ සංචාරයක නිරත විය.
ප්‍රථමයෙන් 582 පාබල බලසේනාවේ පැරණි යුද්ධ හමුදා ගොඩනැගිල්ල, කොළඹ ස්ථාන ගත උපක්‍රමික මුලය වෙත සපැමිණි එතුමන් මෙම පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්එල්ඩිඑස් මොල්ලිගොඩ යුඑසුපී පිඑස්සීජ්‍යෙෂ්ඨ නිලධාරි, අණදෙන නිලධාරි හා 582 පාබල බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි
.ඉන්පසුව 582 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් බලගකාධිපති තුමන් වෙත බලසේනාවේ භාඨපිරිස් ස්ථානගත කිරිමි, රාජකාරි හා වගකිම් පිලිබදව සවිස්තරාත්මක ඉදිරිපත් කරන ලදි.
ඉන් අනතුරුව බලකාධිපති තුමන් කොළඹ පැරණි තැපැල් කර්යාල ගොඩනැල්ලෙහි ස්ථානගත 5 වන ගැමුණු හේවා බලඇණියෙහි සංචාරයක නිරත වු අතර, එහිදි බලකාධිපති තුමන් විසින් 582 පාබල බලසේනා මුලස්ථානයේ 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ, 21 වන බලඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ, හා 5 වන බලඇණීය ගැමුණු හේවා බලකායේ නිලධාරින් හා සිසුනිලයන් ඇමතීම සිදු කරන ලදි.පසුව බලකාධිපති තුමන් විසින් අමුත්තන්ගේ සටහන් පොතෙහි සටහනක් තබන ලද අතර, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සදහාද සහභාගි විය.