Header Sinhala

17th April 2025 09:54:07 Hours

53 පාබල සේනාංකයේ බක් මහ උලෙළ - 2025

53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව නියෝජ්‍ය සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත 2025 සිංහල හා දෙමළ අළුත් අවුරුද්දට සමගාමීව මෙම පාබල සේනාංකය හා යටතේ පාලනය වන පාබසේමු/ ගුසපුපා හා ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරි/ සෙසුනිලයිගේ ක්‍රිඩා කුසලතා වර්ධනය කිරිම හා ඔවුන් මානසික එ්කාග්‍රතාවයෙන් මුදවා ගනිමින් චිත්ත ධෛර්‍යය වර්ධනය කිරිමේ අරමුණින් සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් හා බක්මහ උළෙලක් 2025.04.04 හා 05 යන දෙදින තුල මෙම පාසේමු ක්‍රිඩා පිටියේදි පැවැත්වු අතර, 53 වන පාබල සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, මාණ්ඩලික නිලධාරීන්, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සියළුම පාබසේමු, ඒකක, ගුවන් සංක්‍රමික පුහුණු පාසල නියෝජනය කරමින් සෙසුනිලයින් 500කට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.