17th April 2025 09:02:50 Hours
1 බළකායේ හත්වන බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු 2025 මාර්තු 27 වන දින 58 වන පාබල සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වු අතර, 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේක්ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පී විසින් 1 බළකායේ බලකාධිපති, මේජර් ජෙනරාල් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
1 බළකායේ බලකාධිපති නිළ සංචාරය සනිටුහන් කිරීම උදෙසා පැළයක් රෝපණය කීරීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. ඉන් අනතුරුව 58 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සේනාංකයේ ඉදිරි කටයුතු පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. 1 බළකායේ බලකාධිපති විසින් සේනාංකයේ සියළු භඨපිරිස් ඇමතීමෙන් පසු සංචාරය සිහිවීම පිණිස අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබන ලදී.