19th February 2025 12:53:04 Hours
මාතලේ දිස්ත්‍රික්කයේ බලකඩුව ප්‍රදේශයෙහි මාවුස්සාව පංසල්තැන්න රක්ෂිතයෙහි ඇතිවු හදිසි ගින්න මැඩපැවැත්විමට සහය වන ලෙස උකුවෙල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි 8 ගරෙ ඒකකය වෙතින් ඉල්ලුම් කර ඇත. ඒ අනුව 53 පාබල සේනාංකයේ 532 බලසේනාවේ 8 ගරෙ ඒකකයට අයත් භටපිරිස් විසින් 2025.02.07 වන දින 1340 ට පමණ රක්ෂිතයට ඇතුල්වි ඇතිවු ගින්න සිවිල් ගම්මානයට දෙසට හා රක්ෂිතය තුල ව්‍යාප්ත විම වලක්වා ගින්න මැඩපැවැත්විමට කටයුතු කොට ඇත.