Header Sinhala

11th February 2025 15:48:04 Hours

නව අණදෙන නිලධාරී - 19 වන ශ්‍රිලපාහ ඒකකයේ රාජකාරි භාර ගනී

19 වන බළඇණියේ අටවන අණදෙන නිළධාරී ලෙස මේජර් ටීආර් වීරසිංහ ආර්ඩබ්ලිව්පි යූඑස්පී පීඑස්සී ශ්‍රිලපාහ (නි/65910) ජ්‍යෙෂ්ඨ නිළධාරි 2025.02.03 වන දින සුබ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදි.

බළඇණිය වෙත සපැමිණි නව අණදෙන නිළධාරි හට කදවුරු පිවිසුම් අභියසදී සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනමා, ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තම ධූරයෙහි රාජකාරී භාරගන්නා ලද අතර, තම සම්ප්‍රාප්තිය සනිටුහන් කරනු වස් කඳවුරු භූමියේ සඳුන් පැලයක් රෝපණය කරන ලදී. ඉන් පසු භඨ පිරිස් ඇමතීමෙන් අනතුරුව කඳවුරු සංචාරයක් සිදුකරන ලදී.