Header Sinhala

08th February 2025 16:26:44 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එම්ටිඅයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 1 බලකායේ හය වන බලකාධිපති ලෙස වැඩ භාර ගැනිමෙන් අනතුරුව 2025 ජනවාරි මස 09 වන දින විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක් සිදුකළේය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් එම්ටිඅයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. විශේෂ බලකා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ලුතිතන් කර්නල් කාවින්ද අබේවර්ධන ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, යුඑස්පී සංචාරයේ නිරත 1 බලකායේ බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් පසුව එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර අතර

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 1 බලකායේ බලකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව එම බලසේනාවේ දේශන ශාලාවේදී භටපිරිස් අමතා විශේෂ බලකා බලසේනාවට සහ අණදෙන නිළධාරීන්ට ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් සංචාරයේ සමාප්තිය සනිටුහන් කරන ලදි.