17th December 2024 16:26:15 Hours
ගුවන් සංක්‍රමික පුහුණු පාසල වෙතින් 5 ගැහේබ ඒකකය වෙත පවත්වාගෙන යනු ලබන උසස් ගුවන් සංක්‍රමික බළඇණි පුහුණු පාඨමාලා - අංක 03 හි, වනගත පුහුණු අභ්‍යාසය 2024.12.04 වන දින සිට 2024.12.07 වන දින දක්වා යකාවැව, නිකවැව වන රක්ෂිතය ප්‍රදේශයන් තුල සාර්ථකව සිදුකරන ලදි. එහිදි පාඨමාලා සිසුන් රැකසිට පහරදිම, වනයේ ලැගුම් ගැනිම, ගුවන් යානා පථයක් නිර්මාණය කර ගැනිම සහ සතුරු කදවුරකට පහරදිම වැනි ක්‍රියාකාරකම් වල යොදවන ලදි. මෙම අභ්‍යාසයේ මුලික අරමුණු වුයේ පාඨමාලා සිසුන් කණ්ඩායමක් බළඇණියක් වශයෙන් වනගත ප්‍රදේශයන්හි ක්‍රියාත්මක විම හා සාමුහිකත්වය වර්ධනය කර ගනිමින් ලැබෙන අභියෝග වලට මුහුණු දිමයි.