Header Sinhala

29th October 2024 09:21:26 Hours

58 වන සේනාංකයේ නව සේනාංකාධිපති පළමු නිලසංචාරය අරඹයි

58 පාබල සේනාංකයේ 21 වන සේනාංකාධිපති වශයෙන් නවතමයෙන් රාජකාරි භාරගනු ලැබු මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ඔක්තෝබර් මස 20 වන දින 583 පාබල බළසේනා මූලස්ථානයේ කඳවුරු සංචාරයක් නිරත වන ලදී. එම අවස්ථාව ආරම්භ කරමින් කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, 583 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් විසින් ඉදිරිපත් කිරිම සිදුකරන ලදී. පසුව සේනාංකාධිපති තුමන් භඨපිරිස් අමතමින් සිය අරමුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව සංචාරය සනිටුහන් කරමින් කඳවුරු භූමියෙහි පැළයක්ද රෝපනය කරන ලදී. මෙම අවස්ථාව සඳහා 583 පාබල බළසේනා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන භඨපිරිස් මෙන්ම යටතේ පාලනය වන 1 ශ්‍රිලංසිරෙ සහ 6 විපාරෙ ඒකකයන් හි භඨපිරිස් ද සහභාගී වන ලදී.