Header Sinhala

06th October 2024 11:55:47 Hours

ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංක මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 14 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත එම සේනාංක මූලස්ථානය වෙතින් සිය ගෞරවාචාරයන් පුදකරනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථානය වෙත සපැමිණී මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී එම සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන) කර්නල් එම්.එම්.ඩබ්ලිව්.රූපසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත පෙළ අණදෙන්නා ඇතුළු කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එල්.ආර්. අමරසේකර ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය.

මෙම අවස්ථාවට 58 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.