03rd August 2024 12:38:22 Hours
53 පාබල සේනාංකයේ නවතමයෙන් පත්වූ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්ටීඅයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 24 දින 533 පාබල බලසේනාවේ සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති තුමන් වෙත 6 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. අනතුරුව පාබල බලසේනාවේ සහ අදාල බලඇණිවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සංචාරයේ නියතු සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිට අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. අනතුරුව, බලසේනාධිපතිතුමන් විසින් බලසේනාවේ කාර්යභාරය සහ කාර්යන් පිළිබඳව එතුමන් දැනුවත් කළේය. සේනාංකාධිපති තුමන් පුහුණුවේ අවශ්‍යතාව පිළිබදව අණදෙන නිළධාරින් දැණුවත් කරමින් සෙබළුන්ගේ භට නිවාස පහසුකම් සහ සුභසාදන කටයුතු වල වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය.
නිල සංචාරයේ අවසානයේදී නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහය සඳහා එතුමන් සහභාගී විය. එහිදී විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබමින් සංචාරයේ නිමාව සනිටුහන් කළේය.