Header Sinhala

03rd August 2024 11:56:03 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් 58 පාබල සේනාංකය, 583 පාබල බලසේනාව සහ 1 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙත සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 58 පාබල සේනාංකය, 583 පාබල බලසේනාව සහ 1 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරය 2024 ජූලි මස 22 දින සිදු කළේය.

එතුමන් වෙත 58 පාබල සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් බලප්‍රදේශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලද අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද සිදුවිය. 58 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනංකාධිපති විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින් බලකාධිපති තුමන් පිළිගැනීම සිදුකරනු ලැබීය.

අනතුරුව, බලකාධිපති තුමන් භටපිරිස් අමතමින් පුහුණුව සහ විනය පවත්වා ගැනීම, සාමය ආරක්‍ෂා කිරීම සහ උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. එතුමන් සමූහ ඡායා රූපයකට ‍පෙනී සිටීමෙන් පසු අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සංචාරයේ පලමු අධියර නිම කරන ලදී.

ඉන් අනතුරුව බලකාධිපතිතුමන් 583 පාබල බලසේනාවේ සහ 1 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙත සංචාරයක නිරත වූ අතර, එතුමන් එම මූලස්ථාන ප්‍රධාන දොරටුව අසල දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යාමේ ගෞරවාචාරය පුදකිරීමකින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. බලසේනාධිපති තුමන් සහ 1 බලඇණිය ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරී විසින් කෙටි හැඳින්වීමක් සිදුකිරීමෙන් අනතුරුව එතුමන් එම පරිශ්‍ර තුල පැළ රෝපණය කල අතර, සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව සියලු නිළ තේ පැන් සංග්‍රයකටද සහභාගී වූහ.

අනතුරුව, එතුමන් භට පිරිස් අමතමින් සෙබළුන්ගේ පාලන කටයුතු නිසි ලෙස සිදු කරන ලෙස බලසේනාධිපති සහ අණදෙන නිලධාරී වෙත උපදෙස් ලබා දෙන ලදී. බලකාධිපති තුමන් කැරලි මර්දන කණ්ඩායම් සහ ඊට අදාල උපකරණවල තත්වය පරීක්ෂා කළේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.