Header Sinhala

18th July 2024 12:11:34 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගේ 40 වැනි සංවත්සරයට සමගාමීව 1 බලකාය වෙතින් රුක් රෝපණ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් 1 බලකායේ භට පිරිස් විසින් 2024 ජූලි 12 වන දින 1 බලකා පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත සහ මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 1 බළකායේ බලකාධිපතිගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන සිදු කරන ලදී.