Header Sinhala

18th July 2024 12:06:51 Hours

1 බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

1 බලකායේ නව බලකාධිපති ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 11 වන දින 1 බලකා මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 1 බලකා කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ඔහුගේ මව් රෙජිමේන්තුව වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ජීපිපි කුලතිලක එන්ඩිසි විසින් ඉතා උණුසුම් අයුරින් නව බලකාධිපති තුමන් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 1 බලකායේ 5 වන බලකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

නව බලකාධිපතිතුමන් 1 බලකායේ මාණ්ඩලික නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව භටපිරිස් අමතමින් බලකායේ අනාගත අභිවෘද්ධිය උදෙසා තම ඉදිරි දැක්ම සහ මෙහෙවර පැහැදිලි කරනු ලැබීය.

1991 වර්ෂයේ කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත 2 වන ලුතිතන් වරයෙතු වශයෙන් ඇතුලත් වූ මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසි ගේ මුලික කමාන්ඩෝ පාඨමාලා උපදේශයෙකු මෙන්ම 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, 1993 නගා සිටුවීමෙන් පසු ඔහුගේ ඛන්ඩයේ ඛන්ඩ භාර සැරයන් වරයෙකු ලෙස හා 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙි කන්ඩායම් භාර නිළධාරි ලෙස රාජකාරි කල කාලයේ කන්ඩායම් භාර බලලත් නිලධාරි ලෙස කටයුතු කල බනි 1 යුජි ජයවීර ද මෙම අවස්ථාවට එක්විය. තවද සුමන ගිනිබල, ලීෆ් ෆෝවඩ්, රිවිරැස,රණජය සහ ජයසිකුරු යන ක්‍රීයාන්විත වලදී මොවුන් දෙදෙනාම සහභාගිවීමද විශේෂයකි.