Header Sinhala

08th June 2024 11:44:41 Hours

වැලිපැන්න ප්‍රදේශයේ අවතැන් වූවන් වෙනුවෙන් 9 ගැමුණු හේවා බළකායේ භටපිරිස් සහනසේවා සපයයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ උපදෙස් මෙන්ම 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සීඒ රාජපක්‍ෂ ආර්එස්පී මඟපෙන්වීම සහ 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්එල්ඩීඑස් මොල්ලිගොඩ යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 9 ගැමුණු හේවා බලකායේ භටපිරිස් වැලිපැන්න ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ මෙහෙයුමක් වැලිපැන්න බටහිර, මඩවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ක්‍රියාත්මක කරණු ලැබීය.

9 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් බෝට්ටුවක් භාවිතා කරමින් අපදාවට ලක්වූවන් හට වියළි සලාක සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට කටයුතු කරණු ලැබීය.