Header Sinhala

31st May 2024 10:57:40 Hours

58 පාබල සේනාංක මූලස්ථානය වෙතින් පවත්වන ලැබූ මහා බත් දන්සල සහ වෙසක් කලාපය

58 වන පාබල සේනාංක මූලස්ථානය, “The Puttalam Club” සමඟ එක්ව 2024 මැයි 23 සහ 24 යන දිනයන්හි සේනාංක මූලස්ථානය ඉදිරිපිට වෙසක් කලාපයට සමගාමීව ‘බත් දන්සලක්’ සහ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සිඒ රාජපක්‍ෂ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලදි.බත් දන්සල සාම්ප්‍රදායික ව්‍යංජන සහිත ශ්‍රී ලාංකීය ප්‍රණීත ආහාර වර්ග රාශියකින් සමන්විත වු අතර මේ සදහා බැතිමතුන් 15000 කට ආසන්න පිරිසක් දෙදින පුරාම සහභාගී වු අතර එම කාලය තුළ අනුරාධපුර පූජා නගරය වෙත යන එන වන්දනා කරුවන්ට විශාල සහනයක් සැලසිනි.

තවද, 58 පාබල සේනාංකය, 581, 582 සහ 583 පාබල බලසේනාවල භට පිරිස් විසින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු සහ වෙසක් නිර්මාණ වලින් වෙසක් කලාපය අති සාර්ථක විය. වෙසක් උත්සවය, එහි සම්ප්‍රදායන් කෙරෙහි සහ ඡනතා සේවය කිරීමට භට පිරිස් දක්වන කැපවීම සහ ගෞරවය මෙයින් පෙන්නුම් කරන ලදී.