Header Sinhala

31st May 2024 08:50:13 Hours

වෙසක් උත්සවයට සමගාමීව 1 බලකායේ භඨපිරිස් විසින් වෙසක් කලාපයක් පවත්වයි

වෙසක් උත්සවයට සමගාමීව 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 23 සිට 25 දින දක්වා කාලය තුළ ඉරණමඩු ප්‍රදේශයේදී 1 බලකායේ භටපිරිස් විසින් වෙසක් කලාපයක් පැවැත්වීය.

මෙම වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව, 1 බලකාය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් දන්සැලක් පවත්වමින් ඉරණමඩු සහ කිලිනොච්චි ප්‍රදේශවාසී සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් වෙනුවෙන් බත් පාර්සල් පිරිනමනු ලැබීය. මෙම වැඩසටහන අතරතුර ආගමික වතාවත් මධ්‍යයේ 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ සුරතින් වෙසක් පහන් කූඩු දැල්වීය. පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන් එම පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර එහිදී 1 බලකායේ බලකාධිපතිතුමන් 1 බලකාය සහ ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම වර්ණවත් ව්‍යාපෘතිය ඇගයීමට ලක්කළේය.1 බලකායේ බලකාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ සිවිල් වැසියන් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ කිලිනොච්චිය ප්‍රදේශයේ ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.