Header Sinhala

16th April 2024 11:18:43 Hours

5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව බළඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරයි

5 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයේ සාමූහික බළඇණි පුහුණුවීම් 2024.02.19 වන දින සිට 2024.04.08 වන දින දක්වා කටුකැලියාව බළඇණි පුහුණු පාසලේ දී නිලධාරීන් 14 ක් සහ සෙසුනිලයින් 301 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගියදා අවසන් කරන ලදී.

මෙම පාඨමාලාවේ අවසන් දේශණය සඳහා 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී නිලධාරි හා 581 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසු නිලයින් මේ සඳහා සහභාගී වූ අතර, එහිදී පහත නම් සඳහන් නිලධාරීන් හා සෙසු නිලයින් පාඨමාලා තුල දැක්වූ දක්ෂතා සඳහා කුසලාන ලබා ගන්නා ලදී.

හොඳම ශිෂ්‍යයා සහ හොඳම වෙඩික්කරු - නි/071059 කපිතන් ඩබ්ලිව්බීඑස්පීජී ප්‍රනාන්දු

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සිසුවා - සෙ/520534 කෝප්‍රල් මද්දුම බංඩාර ආර්එම්ඒජී

හොඳම කණ්ඩායම - ඒ කණ්ඩායම

හොඳම ඛණ්ඩය - ඒ කණ්ඩායමේ දෙවන ඛණ්ඩය

හොඳම පෙළ - ඒ කණ්ඩායමේ දෙවන ඛණ්ඩයෙහි පළමු පෙළ