Header Sinhala

12th April 2024 09:48:35 Hours

582 පාබල බසේමූ වෙතින් සුඛිත ළමා නිවාසය වෙත ආහාර වේලක් පිරිනමයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයක් මත 58 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මග පෙන්වීම යටතේ 582 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්එල්ඩීඑස් මොල්ලිගොඩ යූඑස්පී ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් එස්ඩබ්ලිව්ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සම්බන්ධීකරණයෙන්, වෛද්‍ය තරුෂි දිල්හාරා පෙරේරා මෙනවියගේ සහ වෛද්‍ය ජිනංජලා ශානිකා විජේගුණසේකර මහත්මියගේ දායකත්වයෙන් හොරණ ගල්පාත පිහිටි සුඛිත ආභාධිත ළමා නිවාසයෙහි දරුවන් 83 දෙනකු හට 2024 අප්‍රේල් මස 08 වන දින දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් 582 පාබල බසේමූ භඨ පිරිස් විසින් සිදුකරන ලදී. තවද එම දරුවන් හට දිවා ආහාරය ලබා දීමට පෙර සංගීතය රසාස්වාදයක් ලබාදීමටද මෙහිදී කටයුතු කරන ලදී.