Header Sinhala

12th April 2024 09:31:11 Hours

1 බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘Stamina Spartans’ නමින් තරඟාවලියක්

1 බලකා මූලස්ථානයේදී 2024 අප්‍රේල් මස 07 දින ‘Stamina Spartans’ නමින් පැවති තරඟය සාර්ථකව අවසන් වුණි. 53 සහ 58 පාබල සේනාංකයන් යටතේ සේවයේ නියුතු භඨපිරිස්හි ශාරීරික යෝග්‍යතාවය, දරාගැනීම, ආත්ම විශ්වාසය සහ කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟය පැවැත්විණි.

මෙම තරඟය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගි වී ඔවුන්ගේ කඩිසර බව සහ ශාරීරික යෝග්‍යතාවය මැනවින් ප්‍රදර්ශනය කරන ලදී. සුවිශේෂී දක්‍ෂතාවයන් සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් විදහා දක්වමින් තරඟයේ ශූරතාවය දිනාගැනීමට 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත්විය. එමෙන්ම, අනුශූරතාවය 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවටත්, තෙවන ස්ථානය 9 වන ගැමුණු හේවා බලකා කණ්ඩායමටත් හිමිවූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.