Header Sinhala

11th April 2024 12:02:07 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 28 සාර්ථකව අවසන් කරයි

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 28 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය 2024 අප්‍රේල් මස 01 වන දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව පාඨමාලාව හදාරා විසිර යනු ලබන භටපිරිස්හි ආචාරයද එතුමන් වෙත පිරිනමනු ලැබිණි.

මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසු නිලයින් 90 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස කපිතන් පීඑෆ්ඒඑල් ෆොන්සේකා - 3 ගරෙ සහ පාඨමාලාවේ හොඳම ශාරිරික අභ්‍යාස ශිෂ්‍යයා ලෙස සෙ/428471 කෝප්‍රල් සිල්වා යූඊ - 5 ගැහේබ සහතික පත් හිමි කර ගන්නා ලදී.

විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා 53 පාබල සේනාංකයේ ( ආර්එස්එෆ්) සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජීඩීඑස්එම් අල්විස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒඩී රොඩ්රිග්‍රෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී , 1 බලකායේ බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.