Header Sinhala

19th March 2024 14:55:52 Hours

53 පාබල සේනාංකයේ රත් හඳුන් පැල ව්‍යපෘතිය

යුධ හමුදාධිපති තුමාගේ අතිරේක ප්‍රහාරක සේනාංකයක් වශයෙන් දැනට දඹුල්ල හබරණ ප්‍රදේශයෙහි ස්ථාපිත 53 වන පාබල සේනාංකයේ 2014.01.02 වන දින සිට 2016.01.18 වන දින කාල පරාසයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටු කරන ලද මේජර් ජෙනරාල් එම්ඒඑම් ඩයස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් අනුව 2015.10.29 වන දින රෝපණය කරන ලද රත් හඳුන් පැල ව්‍යපෘතිය ඉතා සාර්ථකව මෙම භූමි භාගයේ වැඩෙමින් පවතී. දැනට ශ්‍රිලංකාව තුල එකම ස්ථානයක රෝපණය කරන ලද වැඩිම රත් හඳුන් ශාක ප්‍රමාණය මෙය වන බව පරිසර හිතකාමීන්ගේ මතය වන අතර, එය දකුණු ආසියාවේද එකම ස්ථානයක රෝපණය කර ඇති විශාලතම රත් හඳුන් පැල ප්‍රමාණය බවද ප්‍රකාශ කර සිටිමි.

වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ හිරුජය වැවිලි පුද්ගලික සමාගම විසින් කිසිදු අයකිරීමකින් ලාභ අපේක්‍ෂාවකින් තොරව ලබා දෙනු ලබන උපදේශණ තාක්‍ෂණික දැනුම, පොහොර හා කෘෂි බෙහෙත් යොදා ගනිමින් මෙම ව්‍යපෘතිය නිසි ක්‍රම වේදයකින් හා කලමණාකරනයකට යටත්ව ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් දැයට දායාද කරමින් සිටී. තවද 2024.03.11 වන දින මෙම ශාක සඳහා අවැසි පොහොර යෙදීම නොමිලේ සිදුකල අතර, ගස් අංකනය කොට ශාකයක් සඳහා වෙන් වෙන් වශයෙන් දත්ත ගාබඩාවක් සකස් කරන ලදී. තවද ඉදිරියේදෙී මෙම කඳවුරු භුමිය තුල සුදු හඳුන් වගා ව්‍යපෘතියක්ද හිරුජය වැවිලි පුද්ගලික සමාගමේ අනුග්‍රහය යටතේ නොමිලේ පැල හා තාක්ෂණික සහය හා අනිකුත් අවැසි අවශ්‍යතාවයන් කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යගයක් ලෙස ලබා දීමටද කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙම සඳුන් පැල පිළිබඳව මූලික දැනුම මතු පරපුරේ දුවා දරුවන් වෙත ලබා දීමටත් එහි වටිනාකම හා දැනුම දරුවන් වෙත දායද කරමින් ඔවුනට එම පැල ව්‍යපෘතිය නැරඹීමට 53 පාබල සේනාංකාධිපති ඇතුළු කාර්ය්‍ය මණ්ලය බලාපොරොත්තුවෙන් සිටී.