Header Sinhala

06th March 2024 14:28:52 Hours

විශේෂ බලකා භටපිරිස් රුධිර පරිත්‍යාග කරයි

විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති හා 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේසීඑස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හා විශේෂ බලකා බලසේනාවෙහි බලසේනාධිපති තුමන් වන කර්නල් ඩීඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ දැක්මකට අනුව විශේෂ බලකායේ 27 වන සංවත්සරය නිමිතිකොටගෙන ලේ පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් 2024 පෙබරවාරි මස 29 වන දින පවත්වන ලදී. විශේෂ බලකා භට පිරිස් 100 කට අධික පිරිසක් ස්වේඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිර පරිත්‍යාග කළහ.

රුධිරය දන්දීමේ වැඩසටහන අතරතුර විශේෂ බලකායෙහි බලසේනාධිපතිතුමන් එම ස්ථානය වෙත පැමින රුධිර පරිත්‍යාගශීලීන් දිරිමත් කරන ලද අතර, රුධිර බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් විශේෂ බලකා භටපිරිස්හි පරිත්‍යාගශීලීභාවය වෙනුවෙන් සිය ස්තූතිය පුදකරන ලදී.