Header Sinhala

06th March 2024 14:25:18 Hours

විශේෂ බලකා බලසේනාවෙහි නව බලසේනාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාර ගැනීම

විශේෂ බලකා බලසේනාවෙහි 17 වන බලකාධිපති ලෙස කර්නල් ඩීඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 පෙබරවාරි මස 24 වන දින විශේෂ බලකා බලසේනා මූලස්ථානයේදී සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරි භාරගත් අතර,යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව විශේෂ බලකා බලසේනාධිපති තුමන් හට 3 වන විශේෂ බලකායේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් රාජකාරී භාරගැනීම සනිටුහන් කරන ලදී. වැඩ භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.