Header Sinhala

03rd March 2024 06:43:05 Hours

1 බලකායේ භඨ පිරිස් හට මූලික ජීවිතාරක්‍ෂක ප්‍රථමාධාර පුහුණුවක්

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදේස්මත සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් ආර්පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පීගේ අධීක්‍ෂණය යටතේ 2024 පෙබරවාරි මස 28 දින 1 බලකා මූලස්ථානයේදී "මූලික ජීවිතාරක්‍ෂක ප්‍රථමාධාර" එක් දින පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.

කිලිනොච්චිය යුද හමුදා මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායම විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙහිදී හදිසි අවස්ථාවකදී ප්‍රථීකාර කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම සහභාගීවන්නන් හට ලබා දෙන ලදී.