Header Sinhala

21st February 2024 09:37:02 Hours

1 බලකා භට පිරිස් හට ‘අංගම්පොර’ සම්ප්‍රදායික සටන්කලාව හදුන්වාදෙයි

ශාරීරික ශක්තිය, ඉවසීම, දරාගැනීම සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරමින් පැරණි ආත්මාරක්ෂක ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 1 බලකායේ බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ අධීක්ෂණය යටතේ 1 බලකාය හා ඒ යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා මාසික පුහුණු සැසියක් පැවැත්විණි.

1 බලකායට අයත් භට පිරිස් 50 දෙ‍ෙනකු අංගම්පොර පුහුණුව හදාරා විසිරගිය අතර, සටන්කරුවන් විසින් විශිෂ්ඨ ලෙස තම හැකියාවන් එළිදක්වමින් ප්‍රදර්ශනාත්මක සංදර්ශණයක් ද ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.