Header Sinhala

27th July 2023 16:04:22 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් ප්‍රමානි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී මූලස්ථානයේ 1 බලකායේ 5 වැනි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස 2023 ජුලි 05 දින වැඩ භාර ගන්නා ලදී. සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි නිල ලේඛනයකට අත්සන් තැබීය.

1 වන බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් නව පත්වීමේ රාජකාරී භාරගැනීම සම්බන්ධයෙන් අභිනවයෙන් පත්වු බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.

බ්‍රිගේඩියර් ආර්පී මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් නව පත්වීමට පෙර අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි ඉටු කරන ලදි.