Header Sinhala

21st March 2023 10:00:15 Hours

532 වන පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ‘ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයට’ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේදංක අල්විස් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනය ලබාදුන් අනුග්‍රාහකත්වය මත 1 බලකාය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් 532 වන පාබල බලසේනාවේ භටපිරිස් 2023 මාර්තු 08 වන දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පිහිටි ‘ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය’ වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

ඊට සමගාමීව අම්/දෙහි/දොලකන්ද මහා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ආබාධිත තත්වයට පත් ශිෂ්‍යයෙකු වෙත රෝද පුටුවක් පරිත්‍යාග කිරිම සිදුකරන ලද අතර ඒ සදහා අනුග්‍රහය ගයා මීවැල්ල මහත්මිය විසින් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා 532 වන පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු සහභාගී වූහ.