Header Sinhala

16th March 2023 12:20:51 Hours

1බලකායේ බලකාධිපතිතුමන් 58 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නිල සංචාරය

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2023 මාර්තු 11 වන දින 58 වන පාබල සේනාංක (ආර්එස්එෆ්) මුලස්ථානයේ කදවුරු සංචාරය නිරත වු අතර, එතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (Drive Pass) ගෞරවාචාරය පුදකරන ලදි.

බලකාධිපතිතුමන්ගේ යුධ හමුදා ජිවිත මතකයන් පිළිබදව කෙටි සටහනක් මෙම පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිළධාරි විසින් සිදු කල අතර, එතුමන් විසින් මෙම පාබල සේමු සියළු භඨපිරිස් ඇමතිමෙන් අනතුරුව සියළු නිළ තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය. පසුව අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබා සේනාංක මුලස්ථානයෙන් පිටත්ව යන ලදි. මෙම අවස්ථාව සදහා මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් විපුල ඉහලගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරිවරුන් හා සෙසුනිළයින් සහභාගි වන ලදි.