Header Sinhala

16th March 2023 11:20:58 Hours

1 බළකායේ බළකාධිපතිතුමන් කමාන්ඩෝ බළසේනාවේ සංචාරය කිරිම

1 බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1බලකායේ රාජකාරි භාර ගැනිමෙන් පසු කමාන්ඩෝ බළසේනාව වෙත 2023 ජනවාරි 18 වන දින නිල සංචාරයක නිරත වන ලදි.

කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් වීඑම්එන් හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් බලකාධිපති තුමන් පිලිගන්නා ලද අතර, යුද්ධ හමුදා සම්ප්‍රදාකූලව කදවුරු සම්මාන මුරයක් පිලිගන්වන ලදි.ඊට අමතරව 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් පවත්වනු ලැබු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ ත්‍රස්ත විරෝධී පාඨමාලා අංක 30 හි විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද සහභාගි විය.