Header Sinhala

15th March 2023 15:41:18 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් රාජකාරි අරඹයි

1 බලකා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්පීඩබ්ලිව්සී පෙරේරා එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023 පෙබරවාරි 22 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවක් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට පාලන/භාකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වුහ.

මෙම ධුරයට පත්වීමට පෙර බ්‍රිගේඩියර් වරුණ පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඉදිරි නඩත්තු පෙදෙස (උ/මැ) , කර්නල්(ඉනපෙ) තනතුර හොබවන ලදි.