Header Sinhala

26th November 2022 13:02:16 Hours

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් 532 පාබල බලසේනාවේ සංචාරය කිරිම

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් උදය හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022 ඔක්තෝම්බර් 03 වන දින 532 පාබල බලසේනාවේ සුහද සංචාරයක නිරත විය. සංචාරය ආරම්භ කරමින්,53 පාබල බලසේනා මූලස්ථානයේ ප්‍රවේශ දොරටුව අසලදී 53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සංචාරය සිහිපත් කිරීම සඳහා සේනාංකාධිපති සඳුන් පැළයක් රෝපණය කළේය. අනතුරුව ඔහු බලසේනා මූලස්ථානයේ භට පිරිස් ඇමතීමක් සිදු කරන ලදි.

තවද පාසල් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපාංග බෙදා දීමට සහ ප්‍රදේශයේ හි ආබාධිත කාන්තාවන්ට රෝද පුටු 2ක් පරිත්‍යාග කිරීමට සහභාගී විය. මෙම සංචාරය අතරතුරදී 532 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයෙන් 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් අලුතින් ඉදිකරන ලද නවාතැන් සංකීර්ණයක් විවෘත කරන ලදී.