Header Sinhala

26th November 2022 12:56:33 Hours

53 පාබල සේනාංකය (ආර්එස්එෆ්) විසින් සංවිධානය කරන ලද ලෝක ළමා දින වැඩසටහන

ලෝක ළමා දිනයට සමගාමීව, සියඹලාණ්ඩුව පුබුදු පෙර පාසලේ සහ දිගම්පතාන සිගිති පෙර පාසලේ දී 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සේනාංකාධිපති මේජර් ජෙනරාල් උදය හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් පරිදි 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) භට පිරිස් විසින් 2022 ඔක්තෝම්බර් 01 වන දින ලෝක ළමා දින වැඩසටහනක් පවත්වන ලදී. දීර්ඝ කාලීන සහජීවනයට මග පාදන සිවිල් හමුදා බැඳීම නංවාලීම මෙම වැඩසටහන තුලින් අවධානය යොමු කළේය.

සහභාගි වූ සියලුම ළමුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දීම, ආහාර පාන සහ දිවා ආහාර වේලකින් සංග්‍රහ කරන ලදි.