Header Sinhala

26th November 2022 12:52:08 Hours

‘නීතිය ක්‍රියාත්මක කිරීමේදී හමුදාවේ භාවිතය’ මැයෙන් 1 බලකායේ භටපිරිස් දැනුවත් කිරීමේ දේශනයක්

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ, 1 බලකායේ සහ ඊට අනුබද්ධ සේවා ඒකකවල නිලධාරීන් සහ අනෙකුත් නිලයන් ගේ සහභාගීත්වයෙන් “නීතිය ක්‍රියාත්මක කිරීමේදී හමුදාවේ භාවිතය” පිළිබඳ වටිනා සහ කාලීන දේශනයක් 2022 සැප්තැම්බර් 07 වන දින 1 බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.

9 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අයිඑම්එස්එස්කේ ඉලන්කෝන් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි පිඑස්සි සහ මේජර් කේඒපිඒ රත්නායක විසින් දේශනය පවත්වන ලදී. වැඩසටහන තුළදී, මානව හිමිකම් සහ නීතිය බලාත්මක කිරීමේ බලතල, මූලික මූලධර්ම, අත්අඩංගුවට ගැනීම / රඳවා තබා ගැනීම සහ සෙවීම / අල්ලා ගැනීම යනාදිය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී. 1 බළකාය හා ඊට අනුබද්ධ සේවා ඒකකවල නිලධාරීන් සහ සෙසු නිලයින් 259 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.