Header Sinhala

10th June 2022 22:08:49 Hours

දිගු දුර මුර සංචාර පාධමාලා අංක 16 නිල ලාංඡන ප්‍රධානය

දහසයවන දිගු දුර මුර සංචාර පාඨමාලා නිල ලාංඡන පැලැන්දවිමේ උත්සවය 2022.05.27 වන දින වවුනියාව කමාන්ඩෝ බලසේනා මුලස්ථාන පරිශ්‍රයේදි සිදු කරන ලදි. නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිළයින් තිස්නව දෙනෙකු හට ගෞරවාන්විත දිගු දුර මුර සංචාර ලාංඡන පැලැන්දවිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදි. මෙහිදි නව නිලධාරින් හට සහ සෙසුනිළයින් සඳහා දිගු දුර මුර සංචාර පිහි ප්‍රධානය කල අතර, මෙම උත්සවයේදි 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්එම්ටි විජේකෝන් ආර්එස්පි යුඑස්පි පිඑස්සි සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි මේජර් එච්එම්එම්එම්බි සෙනවිරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

දිගු දුර මුර සංචාර පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා ලෙස කපිතන් ටිබිටිඑන් රූපසේන නිලධාරිද, හොඳම 8 දෙනාගේ කණ්ඩායම ඒ101 කණ්ඩායම ලෙසද හොඳම මග පෙන්වන්නා ලෙස ලාන්ස් කෝප්‍රල් පුෂ්පකුමාර බිජි සම්මාන ලබාගත් අතර, හොඳම වෙඩික්කරු සම්මානය ලාන්ස් කෝප්‍රල් පෙරේරා කේඑන්ඩි විසින් ලබා ගන්නා ලදි. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දිගු දුර මුර සංචාර පාඨමාලාවේ සියලුම සාමාජිකයින් අමතමින් ඔවුන් හට සුභ පැතුම් පිරිනමන ලදි.

මෙම පාඨමාලාව හදාරනු ලැබු සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 1 බලකායේ බලකාධිපති තුමන් හට සමරු තිළිණයක් මෙහිදි ප්‍රධානය කල අතර, දිගු දුර මුර සංචාර පාඨමාලාව වෙනුවෙන් කරන ලද අමිල සේවය අගයමින් මේජර් ජෙනරාල් අනිල් සමරසිරි, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙතද සමරු තිළිණ ප්‍රධානය කරන ලදි.