Header Sinhala

10th June 2022 21:42:09 Hours

1 බලකායේ භට පිරිස් විසින් වෙසක් පොහොය නිමිත්තෙන් බෝධි පුජා පිංකමක් පවත්වයි

1 බලකා මුලස්ථානයේ බලකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි කිලිනොච්චි ලුම්බිණි විහාරාධිපති ඉංගිරියේ ධර්මාලංකාර නාහිමිපාණන් විසින් මෙම 1 බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිළයින් සඳහා සෙත් පැතිම සහ බෝධි පුජා පිංකමක් සිදු කරන ලදි.

මෙයට සමගාමිව 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රාජකාරි නියුතු භට පිරිස් විසින් නිර්මාණය කරන ලද වර්ණවත් වෙසක් කූඩුවක් කිලිනොච්චි ඉරණමඩු මංසන්ධියේදි මෙම බලකායේ බ්‍රිගේඩියර් පාලන/භාකාස බ්‍රිගේඩියර් අසේල අමරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් විදුලි පහන් දල්වා එදින සන්ධ්‍යාවේ වෙසක් කූඩු ප්‍රදර්ශණය සඳහා විවෘත කල අතර, 1 බලකා මුලස්ථානය වෙත පිවිසෙන මාර්ගය දෙපස සහ බලකා මුලස්ථාන පරිශ්‍රයේ වෙසක් කූඩු ප්‍රදර්ශණය කරන ලදි.