Header Sinhala

10th June 2022 12:40:48 Hours

වෙසක් පොහොය නිමිත්තෙන් 1 බලකායේ භට පිරිස් විසින් වියලි සලාක මළු ලබා දෙයි

වෙසක් පොහොය දිනයට සමගාමිව 1 බලකාය සහ ඒ යටතේ පාලනය වන සේවා ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිළයින්ගේ දායකත්වයෙන් ඉරණමඩු, ශාන්තිපුරම් ගම්මානයේ ජිවත් වන අසරණ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා වියලි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් 2022.05.15 වන දින පවත්වන ලදි.

මෙම වැඩසටහනේදි ලබා දෙනු ලබන වියලි සලාක මල්ලක රු: 2500.00ට වඩා වටිනාකමින් යුත් වියලි සලාක අඩංගු විය. එම අවස්ථාවෙිදි සලාක මළු බෙදාදිම සදහා 1 බලකායේ බ්‍රිගේඩියර් පාලන/භාකාස බ්‍රිගේඩියර් අසේල අමරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් කාමින්ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිළයින් සහභාගි වන ලදි.