Header Sinhala

09th June 2022 21:51:29 Hours

1 බලකායේ මූලස්ථානයේ ජාතික ගෙවතු වගා වැඩසටහන ආරම්භ කිරිම

දීප ව්‍යාප්තව දියත් කරන ලද ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා වැඩසටහනට සමගාමිව 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා වැඩහටහනේ සමාරම්භක වැඩසටහනට අනුව ‍මෙම බලකා මුලස්ථාන පරිශ්‍රයේදි 2022.03.29 වන දින 0918 ට යෙදි තිබු සුභ මොහොතින් ගෙවතු වගා වැඩසටහනක් පැවැත්වු අතර, එම අවස්ථාව සඳහා 1 බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි විය.

මෙයට සමගාමිව 53, 58 පාබල සේමු, කමාන්ඩෝ සහ විශේෂ බලකා බලසේනාවලද බලකාධිපති තුමන්ගේ උපදෙස් පිරිදි එදින වැඩසටහන් පවත්වන ලදී. තත් වැඩසටහන සඳහා පාබල සේමු/බසේමු සහ යටතේ රාජකාරි නියුතු නිලධාරින් සහ සෙසුනිළයින් මෙම වැඩසටහනේදි පැල රෝපණය කරන ලදි.