Header Sinhala

19th September 2023 21:50:17 Hours

‘‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’’ තේමාව යටතේ වැඩමුළුවක් පැවැත්වීම

2023 සැප්තැම්බර් මස 15 වන දින 1 බළකාය කිලිනොච්චිය නෙළුම් පියස බහුකාර්ය ශාලාවේ දී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ධෛර්යය සහ අභිප්‍රේරණය ගොඩනැගීමේ අරමුණින් ‘‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’’ තේමාව යටතේ එක්දින වැඩමුළුවක් පවත්වන ලදී. 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ උපදෙස් මත හා මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේඑන්පීඑස්පී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම සහ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්හට එක්දින වැඩමුළුව පවත්වන ලද අතර,ප්‍රමානි Ⅰ මවිමේ අම ලුතිනන් කර්නල් අර්එම්එච් රත්නායක සහ ප්‍රමානි Ⅱ මේජර් එච්එම්සීඑම් බණ්ඩාර විසින් දේශන පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 15 දෙනෙකු සහ සෙසුනිලයින් 495 දෙනෙකු සහභාගී වූ අතර, zoom තාක්ෂණය ඔස්සේ යුධ හමුදා ආයතන 234 ක් සජීවීව සහභාගී විය.