Header Sinhala

09th February 2024 10:52:43 Hours

‘කාලීන සිදුවීම්’ යන මැයෙන් 1 බලකා මුලස්ථානයේදී දේශණයක් පවත්වයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 1 බලකාය, ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි හා ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ‘කාලීන සිදුවීම්’ යන මැයෙන් දේශණයක් 2024 ජනවාරි මස 31 දින 1 බලකා මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා රූපවාහිනී සේවයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ සහ ‘සිව්දෙස’ වැඩසටහන ඉදිරිපත් කරනු ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා විසින් මෙහිදී ‘Concept of the New World Order and its implications’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.