Header Sinhala

23rd July 2022 19:55:34 Hours

හරිත වගා සංග්‍රාමය යටතේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සමගාමිව 1 බලකායේ වගා ව්‍යපෘතිය ආරම්භ කිරිම - පළමු වන අධියර

ශ්‍රී ලංකා හරිත වගා සංග්‍රාමය යටතේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ උපදෙස් පරිදි 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 1 බලකා මූලස්ථානයේ රාජකාරි නියුතු නිලධාරි සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුධ හමුදා හරිත කෘෂිකර්ම හා ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සමගාමිව මුං ඇට වගා කිරීමේ ව්‍යාපෘතිය 2022.07.06 වන දින 1 බලකා මුලස්ථාන පරිශ්‍රයෙදි ආරම්භ කරන ලදි.

මෙහිදි අක්කර 8 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි මූලික වශයෙන් අමු මිරිස්, බටු, බණ්ඩක්කා, කෙසෙල් සහ වට්ටක්කා වැනි විවිධ එළවළු වර්ග වගා කර ඇති අතර, 1 බලකාය විසින් දැනටමත් වගා කර ඇති අක්කර 23ක අඹ වගාවට අමතරව තවත් ප්‍රභේද එකතු කරමින් ඉදිරියේදී අක්කර 20ක් දක්වා වැඩසටහන ව්‍යාප්ත කිරීමට කටයුතු සිදු කර ඇත. ඒ අනුව යුද්ධ හමුදා සාමාජිකයින් හට සහ සිවිල් ප්‍රජාවට සාධාරණ මිලකට එළවළු සහ පලතුරු ලබා දෙමින් රජයේ වගා යාන්ත්‍රණයට සහායක් වීම මෙම වගා ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය.