Header Sinhala

02nd July 2022 21:37:57 Hours

සංඥා බලකායේ බලකාධිපති තුමන් 9 වන ශ්‍රී ලංකා සංඥා බළකාය වෙත සංචාරය කිරිම

සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් අශෝක පිරිස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විශ්‍රාම යාම වෙනුවෙන් කිලිනොච්චි 9 වන ශ්‍රි ලංකා සංඥා බලකාය වෙත 2022.05.29 වන දින සංචාරය කරන ලදි.

9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බිඑම්එම්බි හේරත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සංඥා බලකාධිපති තුමන් පිළිගත් අතර, හමුදා සම්ප්‍රධානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වන ලදි. සංඥා බලකාධිපති තුමන්ගේ සංචාරය සනිටුහන් කිරිම වස් කඳවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කිරිමෙන් අනතුරුව කිලිනොච්චි ‍නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි භට පිරිස් අමතන ලදි.

සංඥා බලකාධිපති තුමන් විසින් සියළුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට පෙනි සිටි අතර, තම අවසන් සංචාරය සනිටුහන් කිරිම වෙනුවෙන් සමරු පොතෙහි සමරු සටහනක්ද තබන ලදි. මෙහිදි බලකාධිපති තුමන් සිදු කරනු ලැබු අගනා සේවය අගයකරමින් සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදි.