Header Sinhala

20th June 2023 10:36:25 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි 9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජුනි 13 වන දින 9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බළකායේ සංචාරයක නිරත විය.

9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිනි මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, එහි අණදෙන නිළධාරී වන ලුතිනන් කර්නල් බිඑම්එම්බි හේරත් ආර්එස්පි යුඑස්පි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, 9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බළකායේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදි. අනතුරුව ඔහු සිය සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් සිටුවු අතර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

ඉන් අනතුරුව සියලු භට පිරිස් ඇමතීමක් සිදුකල අතර ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත අණදෙන නිළධාරී විසින් ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වූ අතර එහිදී ඔහු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සිය අදහස් බෙදා ගත්තේය. අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සිය නිල සංචාරය අවසන් කරන ලදී.