Header Sinhala

15th March 2023 13:46:58 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි 9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 පෙබරවාරි 12 වන දින 9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බළකායේ සංචාරයක නිරත විය.

9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිනි මේජර් ජෙනරාල් ලලිත් හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, එහි අණදෙන නිළධාරී වන ලුතිනන් කර්නල් බිඑම්එම්බි හේරත් ආර්එස්පි යුඑස්පි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, 9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බළකායේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදි. අනතුරුව ඔහු සිය සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් සිටුවු අතර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

පසුව, නවීකරණය කරන ලද ශ්‍රවණාගාරය, ව්‍යායාම මධ්‍යස්ථානය හා පුස්තකාල සංකීර්ණය විවෘත කිරීම සඳහා අණදෙන නිළධාරී තුමන් විසින් මේජර් ජෙනරාල් ලලිත් හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කැටුව යන ලදි. ඉන් අනතුරුව සියලු භට පිරිස් ඇමතීමක් සිදුකල අතර මේජර් ජෙනරාල් ලලිත් හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත අණදෙන නිළධාරී විසින් සිය යුද්ධ හමුදා දිවිය තුළ සිදුකරන ලද විශිෂ්ඨ සේවය අගයමින් ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වූ අතර එහිදී ඔහු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සිය අදහස් බෙදා ගත්තේය. අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සිය නිල සංචාරය අවසන් කරන ලදී.