21st January 2026 15:04:26 Hours
76 වන යුධ හමුදා දිනයට සමගාමීව 1 බලකා මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙහිදී හමුදා ධජය එසවීම හා හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් තම ජීවිත පූජා කළ රණවිරුවන්ට ගෞරව කිරීමක් හා සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.