Header Sinhala

25th August 2023 12:04:18 Hours

ශ්‍රි ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති තුමියගේ 1 බලකායේ සංචාරය

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී නෙල්සන් සහ සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා සමඟ අගෝස්තු මස 24 දින කිලිනොච්චි 1 බලකා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 1 බලකා මූලස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමිය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සුහද හමුවේදී, 1 බලකායේ බලකාධිපති සහ තානාපතිනි ජූලි චන්ග් මහත්මිය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, සහ සුභසාධන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

ඉන් අනතුරුව සමරු තිළිණ හුවමාරු කර ගත් අතර තම සංචාරය නිමා කිරීමට පෙර ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිතුමිය අමුත්තන්ගේ පොතෙහි සිය අදහස් සනිටුහන් කළාය.