Header Sinhala

15th May 2023 18:11:18 Hours

වෙසක් තෙමගුල සැමරිම - 58 පාබල සේනාංකය

58 පාබල සේනාංක මුලස්ථාන භූමීයේ දී උතුම් සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් වෙසක් පුණ්‍යෝත්සවයට සමගාමීව ආගමීක වැඩසටහන් මාලාවක් පවත්වන ලදි. විශේෂ බලකායේ සේවය කර පසුව 3 පාබල රෙජිමේන්තුවේ රාජකාරිහි නිරතව මව්බිම වෙනුවෙන් තම ජිවිතය පුජාකල මේජර් සමන්තිලක සේපාල දහනායක විරෝධාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තමන් හට නිවන් සුව පතා එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෑණියන් වන සාරා යාපා මෑතිණිය හා සේනාංකාධිපති තුමාන්ගේ සහභාගිත්වයෙන් මරණයට කැපවුනු ගවයෙකු නිදහස් කරන ලදි.

තවද මෙම පාබල සේනාංක මුලස්ථානය වෙත ගරුතර සංඝරත්නය හත් නමක් වැඩම කරවා දහවල් දානමය පිංකමක් පැවැත්විය. පස්වරුවේ දී ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා කදවුරු භුමීයේ බෝධිපුජාමය පිංකමක් කල අතර කදවුර අසල ඇති අභයරාම විහාරස්ථානය වෙත පුජා කිරිම සදහා බුදුපිළිම වහන්සේ නමක් පෙරහැරක් පෙරටුකර ගෙන වැඩම කරවන ලදි. තවද, 1 බලකායේ වෙසක් කලාපයෙහි විචිත්‍රවත් වෙසක් පහන් කූඩුවක් ප්‍රදර්ශණය කිරිම අතර 58 වන සේනාංකයේ ප්‍රධාන පිවිසුම් මර්ගය සහ කදවුරු පරිශ්‍රය තුල වෙසක් කූඩු වලින් අලංකාර ලෙස සැරසිලි කරමින් උතුම් සම්බුද්ධ තෙමගුල ආගමික වත්පිලිවෙත් වලට මුල් තැන දෙමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.