08th June 2025 15:29:27 Hours
1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව, 2025 මැයි මස 12 වන දින සිට මැයි මස 14 වන දින දක්වා 1 බලකා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද කිලිනොච්චිය - ඉරණමඩු ‘වෙසක් කලාපය’ පැවැත්විය.
මෙම සමාරම්භක උත්සවය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කිලිනොච්චිය පොලිස් බල ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති යන මහත්වරුන් සම්භාවනීය ආරාධිතයින් ලෙස සහභාගී වූ අතර, ආගමික වතාවත් මධ්‍යයේ 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ සුරතින් වෙසක් පහන් කූඩු දැල්වීය. පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන් එම පරිශ්‍රයේ සංචාරයක නිරත විය.
මෙම උත්සවයට සමගාමීව 2025 මැයි මස 12 වන දින ‘අයිස්ක්‍රීම් දන්සැලක්’ද එම ස්ථානයේදී ලබා දුන් අතර, 1 බලකායේ බලකාධිපතිතුමන් විසින් එය විවෘත කරන ලද ලදී. ප්‍රදේශවාසී සිවිල් වැසියන් 6000 කට වැඩි පිරිසක් සඳහා අයිස්ක්‍රීම් බෙදා දෙන ලද අතර, මෙම ‘වෙසක් කලාපය’ විවෘත කිරීමේ උත්සවය සඳහා සියලු ආගමික නායකයින් සහ සිවිල් වැසියන් දහස් ගණනක්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ද සහභාගී වූහ.