Header Sinhala

08th June 2022 12:03:14 Hours

විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ශ්‍රමදායකත්වය ලබාදිම

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්එචිඑස්සි ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්ෆිල් ගේ උපදෙස් පරිදි 58 පාබල සේනාකාධිපති මේජර් ජෙනාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි තුමන්ගේ මග පෙන්විම යටතේ පුත්තලම ප්‍රදේශයේ කන්දේයායේ ශ්‍රී මෙත්තාරාම මුල විහාරාධිපති පුජ්‍ය දියදොර මෙත්තානන්ද ස්වාමින් වහන්සේගේ ඉල්ලිම පරිදි ඉදිරිකිරිම් අඩාලව සහ කරගත නොහැකි තත්වයට පත්වතිබු දාන ශාලාව සහ ගරාවැටි තිබුණූ ඉදිරිපස බැම්ම සකසා ගැනිමට හා වල් බිහිව තිබු විහාර භූමිය එලිපෙහෙලි කර ගැනිම සඳහා 2022.02.27 වන දින සිට ක්‍රියාත්මක විම මත ඉතා කෙටි කාලයක් තුල එම විහාරස්ථාන භූමි පරිශ්‍රය තුල දිගින් අඩි 105න් හා උස අඩි 08න් යුතු දාන ශාලා බැම්ම සාදා එම බැම්ම වටා විදුලි පහන් කණු නවතමයෙන් ඉදිකර විදුලි බුබුලු සවි කිරිමේ කටයුතු මෙන්ම දාන ශාලාවට පිවිසිම සඳහා පඩි 12කින් සමන්විත පඩිපෙලක් ඉදිකර එම දාන ශාලාව සහ ඇතුලත සිවිලිම නවතමයෙන් පිලිසකල කර නැවත ප්‍රතිසංස්කරණය කිරිම හා චෛත්‍ය රාජයානන් වහන්සේගේ තින්ත ආලේප කිරිමේ කටයුතු මෙම පාබල සේනාංකයේ නි/සෙසුනිලයින්ගේ දානමය පරිත්‍යාගයෙන් හා ශ්‍රමදායකත්වයෙන් දින 19ක වැනි කෙටි කාලයක් තුල සාදා නිමකර 2022.03.17 වන දින මැදින් පුර පසලොස්වක පොහොය දින මෙම පාබල සේනාංකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුතුව 58 පාබල සේනාකයේ සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් උතුම් ගෞතම සම්බුදු සසුනට මෙම පිංවන්ත භූමිය පිං සිත් ඇති සැමට ජනසතු කර පුජා කරන ලදි.