Header Sinhala

23rd January 2026 11:11:13 Hours

විපතට පත් ජනතාවගේ ජීවිත මුදා ගනී

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි තත්වයන් ඇතිවීම හේතුවෙන් 2025.11.28 වන දින සිට 2025.11.30 වන දින දක්වා වූ කාලය තුල මීරිගම, අලව්ව, රුවන්වැල්ල, ගිරිඋල්ල, දොම්පේ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල ඇති වූ සහන සේවා මෙහෙයුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී. මෙහිදී 1 බලකාය යටතේ ඇති 58 වන පාබල සේනාංකයේ සහ 583 පාබල බලසේනාවේ උපදෙස් යටතේ 1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භට පිරිස් විසින් මෙම මෙහෙයුමේදී විපතට පත් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 395 දෙනෙකුගේ ජීවිත ආරක්ෂිතව මුදා ගැනීමට සමත් විය.